මැදපෙරදිග කලාපය තුළ පවතින උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සිය මිත්‍ර රටවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය ගිවිසුම්ගත වී තිබේ. කලාපීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ එල්ල විය හැකි ගුවන් ප්‍රහාර වැළැක්වීම මෙම ආරක්ෂක වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
මෙම ගිවිසුම් යටතේ අමෙරිකාවේ නිෂ්පාදිත ලෝකයේ උසස්ම තාක්ෂණයෙන් යුත් මිසයිල නාශක පද්ධති කිහිපයක් මැදපෙරදිග රාජ්‍යයන් වෙත ලබාදීමට නියමිතය. කලාපය තුළ හිස්බුල්ලා සහ හවුති වැනි සංවිධානවලින් මෙන්ම ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන හමුවේ සිය මිත්‍ර පාර්ශ්වයන් සන්නද්ධ කිරීම අමෙරිකාවේ උපායමාර්ගික පියවරක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම ආරක්ෂක උපකරණ බෙදා හැරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ බල තුලනය පිළිබඳව නව සංවාදයක් මතුව ඇති අතර, මෙය කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම පවතින ගැටුම්කාරී වතාවරණය පාලනය කිරීමට තීරණාත්මක සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














