ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව තේරී පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු හෙට (මැයි 04) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට නියමිතය. ප්‍රාන්තය පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන රැසකදී දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම කටයුතු සිදු කෙරේ.
මෙවර මැතිවරණය තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වන DMK සහ AIADMK සන්ධානවලට අමතරව, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය ද ප්‍රථම වරට මැතිවරණ සටනට පිවිස සිටින බැවිනි.
වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුව ඇති මෙම මැතිවරණයේ මූලික ප්‍රතිඵල හෙට දහවල් වන විට නිකුත් වීමට නියමිත අතර, හෙට රාත්‍රිය වන විට තමිල්නාඩුවේ මීළඟ පාලන බලය හිමිවන්නේ කා හටද යන්න පිළිබඳ අවසන් තීරණය දැනගත හැකි වනු ඇත.














