රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක විය.
2026 වර්ෂය සඳහා වන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදනය ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස රෝගී වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, වෛද්‍ය රසායනාගාරය, බාහිර රෝගී අංශය සහ මුළුතැන්ගෙය ඇතුළු අංශ රැසක් නිරීක්ෂණය කරමින් එහි ප්‍රගතිය විමසා බැලීය.
ප්‍රධාන සැලැස්ම සංශෝධනය කිරීම, මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ල නැවත සැලසුම් කිරීම, කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන් රථ උද්‍යානයක් ඉදිකිරීම සහ මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ආදී කඩිනම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමටද සාකච්ඡා කෙරිණි.














