රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2026 යල කන්නය සඳහා එම ආධාර ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 2026 යල කන්නයේ වී වගා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ගොවීන් 74,000 කට ආසන්න පිරිසක් එහි වී වගා කටයුතුවල නිරත වේ. මෙවර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ හතළිස් හතරදහස් දෙසිය හතළිහක වී අස්වැන්නක් අපේක්ෂා කෙරේ.
ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා දීම ගොවි සංවිධාන හරහා සිදු කෙරෙන අතර, හෙක්ටාරයකට රුපියල් 30,000 බැගින් වූ මුදල් සහනාධාරය ගොවීන් වෙත ලබා දීම සිදු කෙරේ.














