අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පැවැති සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සාදයේ තරුණයින් එක්රැස්වී සිටි ස්ථානයකදී වන අතර තුවාල ලැබූ පුද්ගලයින් එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ද මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














