ශ්‍රී ලංකා සහ මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සනිටුහන් කිරීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කිරීමට අද දින එක්විය. උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව දෙරටේ පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා විසින් මෙම පැළ රෝපණය සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙන්ම කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.














