ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් සිව්දෙනෙකු අද (04) සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ අවන්ති කොළඹගේ යන මහත්ම මහත්මීන්ට මෙලෙස පත්වීම් ලිපි භාරදුන් බවයි. මීට පෙර ද මෙම කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දී තිබුණි.
කෙසේ වෙතත්, මෙම පරිවර්තන කමිටුව සඳහා නම් කර සිටින හිටපු ක්‍රිකට් නායකයින් වන කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරුන්ට මෙතෙක් පත්වීම් ලිපි ලබා දී නොමැති බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා නව ව්‍යුහයක් සැකසීම සහ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීමකි.













