තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ලැබූ පරාජය හමුවේ ජනතා තීන්දුව නිහතමානීව පිළිගන්නා බවත්, ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අද (04) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ ජයග්‍රහණය කළ සියලු දෙනාට තමන් සුබ පතන බවයි. තමන් මෙතෙක් කල් කාර්යක්ෂම පාලක පක්ෂයක් ලෙස කටයුතු කළා සේම, ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින සක්‍රීය විපක්ෂයක් ලෙස ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කර තිබේ.
බටහිර බෙංගාලය මෙන්ම තමිල්නාඩුව ද මෙවර ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ තීරණාත්මක බල කේන්ද්‍රයක් වූ අතර, ලැබී ඇති ප්‍රතිඵල අනුව ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂයට මෙලෙස විපක්ෂයේ භූමිකාව භාර ගැනීමට සිදුව ඇත.













