ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක අලාභයක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ අභාවප්‍රාප්ත රංග රාජපක්ෂ මහතා විසින් නොව, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ පැවති හදිසි විවාදයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පැමිණිල්ලේ ආරම්භය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත් ඒ සම්බන්ධයෙන් නිල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින්ම නිසි පරිදි පැමිණිල්ල ගොනු කර ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව, අභාවප්‍රාප්ත රංග රාජපක්ෂ මහතාගේ වියෝව සම්බන්ධයෙන් සහ අදාළ සිද්ධිය පිළිබඳව ඇතැම් පාර්ශ්ව විසින් අසත්‍ය චෝදනා නඟමින් සිටින බවත්, එම අසත්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම, මියගිය නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ද මෙම අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.














