ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සහ දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන විමල් එස්. කේ. ලියනගේ මහතා ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපතිතුමා විසින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සීවලී පී. අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අදින් (05) අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ අනුව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙට (06) දින සිට සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.














