එක්සත් ජනපදය සහ බහරේනය එක්ව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඕමුස් සමුද්‍ර සන්ධියේ වෙළඳ නෞකාවලට එල්ල වන ප්‍රහාර සහ එහි තැන්පත් කර ඇති මුහුදු බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉරානයට බල කෙරේ.
මෙම නව යෝජනාව මඟින් ඉරානයට සියලුම මුහුදු බෝම්බවල පිහිටීම් හෙළි කරන ලෙසත්, ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කිරීම් වහාම නතර කරන ලෙසත් ඉල්ලා සිටී. විශේෂයෙන්ම කලාපයේ මානුෂීය ආධාර ප්‍රවාහනය සඳහා වූ කොරිඩෝවක් ස්ථාපිත කිරීමට ද මෙහිදී අවධානය යොමු කර ඇත.
කෙසේ වෙතත්, එක්සත් ජනපදය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් මෙම සාමූහික ආරක්ෂක ප්‍රයත්නයන් දියත් කරන අතරම, පශ්චාත්-ගැටුම් තත්ත්වයන් සඳහා නව ජාත්‍යන්තර සමුද්‍රීය සන්ධානයක් ගොඩනැගීමට ද මේ වන විට මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.














