මැයි දින රැලියකදී ජනාධිපතිවරයා විසින් ඉදිරි දිනකදී ප්‍රකාශ කිරීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී. නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මඟින් අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑමක් කිරීමට ඉඩ ඇති බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් ආයතනික ආරක්ෂාවක් පමණක් නොව නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය සාධකයක් බව නීතිඥ සංගමය අවධාරණය කරයි. මීට පෙරද විධායකය හෝ වෙනත් පාර්ශ්වයක් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද ඕනෑම තර්ජනයකට එරෙහිව පෙනී සිටි බව ඔවුන් සිහිපත් කරයි.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින්, බියෙන් හෝ පක්ෂග්‍රාහීත්වයකින් තොරව සාධාරණත්වය ඉටු වන පරිසරයක් තහවුරු කිරීමට නීතිඥ සංගමය අඛණ්ඩව කටයුතු කරනු ඇත.














