යූරියා පොහොර මිල අධික ලෙස ඉහළ යාම හමුවේ එළඹෙන දෙසැම්බර් මාසය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම නිලධාරී කේ.බී. ගුණරත්න මහතා අනතුරු අඟවයි.
රුපියල් 9,500ක්ව පැවති යූරියා පොහොර මිටියක මිල රුපියල් 17,500 දක්වා 184%කින් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. පොහොර මිල ඉහළ යාම නිසා වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 140 – 150 දක්වා වැඩි වන බවත්, සමස්ත නිෂ්පාදන පිරිවැයෙන් 42%ක් ඉන්ධන සහ යන්ත්‍ර සූත්‍ර සඳහා ද, 38%ක් ශ්‍රමය සඳහා ද වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.
නිෂ්පාදන වියදම ඉහළ යාම හමුවේ වී සහතික මිල වැඩි කිරීමට සිදුවන අතර, රජය සහල් මාෆියාව පාලනය කිරීමට අපොහොසත් වුවහොත් පාරිභෝගිකයාට සහල් කිලෝවක් රුපියල් 300කට මිලදී ගැනීමට සිදුවන බව ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














