2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
පසුගිය අප්‍රේල් 28 වනදා ආරම්භ වූ මෙම අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය සඳහා 2025 වසරේ පැවැති උසස් පෙළ විභාගයෙන් සිසුන් 176,527ක් සුදුසුකම් ලබා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 62.64%කි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල්වලින් ලබාගත හැකි අතර, එහි මෘදු පිටපතක් (Soft Copy) නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව මිලදී ගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.
අදාළ අයදුම්පත් නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කරන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ට දැනුම් දී සිටියි.













