නෙදර්ලන්තයේ අනුමැතියෙන් පසු, ටෙස්ලා සමාගමේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ ස්වයංක්‍රීය රිය පැදවීමේ මෘදුකාංගය බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් කලාපය තුළ කඩිනමින් අනුමත කළ හැකි දැයි සොයා බලමින් සිටින බව ප්‍රකාශ කර තිබේ.
මීට පෙර යුරෝපීය සංගමයේ පළමු රට ලෙස නෙදර්ලන්තය විසින් මෙම මෘදුකාංගය භාවිත කිරීම සඳහා කොන්දේසි සහිත අනුමැතිය ලබා දුන්නේය. එම අනුමැතිය පදනම් කරගනිමින්, ෆ්ලැන්ඩර්ස් ප්‍රවාහන අමාත්‍යවරිය වන ඇනික් ඩි රිඩර් මහත්මිය අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස ටෙස්ලා සමාගමෙන් ඉල්ලා ඇති අතර, කඩිනම් අනුමැතියක් ලබා දිය හැකි දැයි මේ සතිය අවසන් වන විට තීරණය කිරීමට නියමිතය.
මෙම මෘදුකාංගය යුරෝපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා මෙය ලැබුණු නවතම උත්තේජනයක් ලෙස සැලකෙන අතර, යුරෝපීය පාරිභෝගිකයින්ට මෙම පහසුකම ලබා ගැනීමට මඟ විවර වනු ඇත.
ප්‍රංශ භාෂාව කතා කරන වැලෝනියා කලාපයෙන්ද ටෙස්ලා සමාගම අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇති අතර, රටේ මධ්‍යම රජය වෙනුවට ඒ පිළිබඳව තීරණය කිරීමේ බලය කලාපීය ආණ්ඩු සතු වේ. කෙසේ වෙතත්, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය සහ නෝර්වේ වැනි රටවල නියාමකයින් මෙම තාක්ෂණයේ ආරක්ෂාව පිළිබඳව තවමත් සැක පළ කරති.














