ඊයේ දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක, අද (05) දිනය අවසානයේ යළිත් කැපීපෙනෙන පහළ යාමක් වාර්තා කර තිබේ.
දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 110.70කින් පහළ ගොස් ඒකක 22,584.30ක් ලෙස සටහන් විය. එසේම S&P SL20 මිල දර්ශකය ද ඒකක 31.40කින් පහළ වැටී ඒකක 6,213.24ක් ලෙස වාර්තා විය.
වෙළෙඳපොළේ අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.15ක් ලෙස සටහන් වී තිබේ.














