වසරේ දැකගත හැකි සුවිශේෂී උල්කාපාත වර්ෂාවක් වන ‘ඊටා ඇක්වාරිට්ස්’ (Eta Aquariids) උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම කාලයේ ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
මෙම උල්කාපාත වර්ෂාව ඇති වන්නේ සුප්‍රසිද්ධ ‘හැලීගේ වල්ගාතරුව’ (Halley’s Comet) අභ්‍යවකාශයේ ඉතිරි කර යන දූවිලි අංශු සහ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමෙනි. පෘථිවිය මෙම සුන්බුන් වළල්ල හරහා ගමන් කරන විට ඒවා දැවී යාමෙන් ආලෝක ධාරා ලෙස අපට දර්ශනය වේ.
මෙය නැරඹීම සඳහා දුරේක්ෂ හෝ විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර පියවි ඇසින් නැරඹිය හැකිය. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව සහ හෙට අලුයම හිරු උදාවීමට පෙර කාලය මෙය නැරඹීමට වඩාත්ම සුදුසු වේ.
නගරයේ විදුලි ආලෝකයෙන් ඈත් වූ, අඳුරු සහ පැහැදිලි අහසක් සහිත ස්ථානයක් තෝරා ගැනීමෙන් උල්කාපාත වැඩි ප්‍රමාණයක් දැකගත හැකි වනු ඇත. අහසේ නැගෙනහිර දිශාව දෙස බැලීමෙන් මෙම උල්කාපාත වර්ෂාවේ කේන්ද්‍රය හඳුනාගත හැකිය.














