වසර 15ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත වර්තමාන දේශීය සහ ගෝලීය මූල්‍ය පසුබිමට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල් සමාගම් අංශයේ නියාමන රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, විශේෂයෙන්ම බලපත්‍ර ලබා දීම, අධීක්ෂණය, තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සහ අනවසර තැන්පතු භාරගැනීමට එරෙහි නීතිමය විධිවිධාන මෙහිදී වඩාත් විධිමත් කිරීමට අපේක්ෂිතය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී ඇත.














