ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කාට්ස් මහතාගේ ග්‍රීසි සංචාරය අතරතුර ඔහුට එරෙහිව යුද අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ග්‍රීසිය පියවර ගෙන තිබේ. ‘හින්ඩ් රජාබ් පදනම’ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ග්‍රීක නීතීඥයින් මැයි 05 වන දින අදාළ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළහ.
මෙම පැමිණිල්ල මඟින් ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ, වධහිංසා පැමිණවීම්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරය යන බරපතළ චෝදනා එල්ල කර ඇත.
විශ්වීය අධිකරණ බලය පිළිබඳ නීති රීති උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන මෙම නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊශ්‍රායල නිලධාරීන්ගේ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සංචාර පවා මේ වන විට නීතිමය අර්බුදයන්ට ලක්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. ඒ අනුව දේශපාලන සහ යුද පිටියට අමතරව ජාත්‍යන්තර අධිකරණ පද්ධතිය ද ඊශ්‍රායලයට එරෙහි නව සටන් බිමක් බවට පත්වෙමින් පවතින බව විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














