2025 වසරේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ වී ඇති අතර එය මැයි මස 19 වන දිනෙන් අවසන් වීමට නියමිතය. උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 176,527 දෙනෙකු එනම් 62.64%ක් සරසවි වරම් ලබාගැනීමට සුදුසුකම් ලබා සිටිති.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල්වලින් සහ එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද ලබාගත හැක. සුදුසුකම් ලත් සියලුම සිසුන් තම අයදුම්පත් නියමිත දිනයට පෙර අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කර යොමු කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.
මෙම අවස්ථාව සියලුම සිසුන් සඳහා ඉතා වැදගත් වන අතර අදාළ අයදුම් කිරීමේ ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත වැඩිදුර විස්තර සඳහා ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පරිශීලනය කළ හැකිය.
















