ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයෙන් බාධාවකින් තොරව තෙල් සැපයුම යළි ආරම්භ වනු ඇතැයි විශ්වාසයක් ගොඩනැගී ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52 කින් (1.38% කින්) පහත වැටී ඩොලර් 108.35 ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) මිල බැරලයකට ඩොලර් 1.50 කින් (1.47% කින්) පහත වැටුණු අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 100.77 කි. මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.97 ක් ලෙස වාර්තා විය.














