2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. මෙරට අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වන නිල උපාය මාර්ගික රාමුව ලෙස මෙම සැලැස්ම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම නව සැලැස්ම සකස් කර ඇත. මෙමගින් ඉදිරි වසර කිහිපය තුළ මෙරට අපනයන ආදායම ඉහළ නැංවීමටත්, ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමටත් අපේක්ෂිතය.














