රාජකාරි බහුල වීම නිසා තමන් මානසික පීඩනයකට පත්ව ඇති බවට දෛනික සටහන් පොතෙහි ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පිටව ගොස් තිබේ. ඔහු සිය නිල ඇඳුම් සහ අනෙකුත් කොටස් පොලිස් ස්ථානය තුළම තබා මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස පිටව ගොස් ඇත්තේ පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
ඔහු 2025 ජුනි මස 08 වන දින පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර, 2026 ජනවාරි 21 වන දින පයාගල පොලිසියේ සේවයට වාර්තා කර තිබේ.
2026 මැයි මස 05 වන දින ඔහු මෙලෙස රාජකාරි බහුලත්වය පිළිබඳ සටහනක් තබා පිටව ගොස් ඇත.














