තම අනියම් සැමියා විසින් සිය දියණිය අපයෝජනයට ලක් කිරීම වසන් කරමින් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවක් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය. පදවිය පොලිස් බලප්‍රදේශයේ පදිංචි මෙම මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු මෙම අපරාධය තහවුරු වී ඇත. සැකකාර තිදරු පියෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවත්, ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. මේ සම්බන්ධයෙන් ඥාතීන් සහ ගම්වාසීන් ද පොලිසියට තොරතුරු ලබා දී තිබේ.
ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් අතුරුදන්ව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයකින් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. වින්දිත දැරිය අනුරාධපුර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසු පදවිය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු දැක්වීමට නියමිතය.














