පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර නිල හමුවක් ඊයේ (05) පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම හමුවේදී මහ කොමසාරිස්වරයාගේ නව ධුර කාලය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සුබ පැතුම් එක් කළේය.
මෙම සාකච්ඡාවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී තිබේ. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරයා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව සහතික විය.














