සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන අෂාන් තොටවත්ත ඊයේ (05) රාත්‍රී දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරයේදී සිදුකළ අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයේ සිටින අෂාන් තොටවත්ත මහතා අද (06) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














