වෙනත් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු යොදාගනිමින් අපරාධකරුවන් සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කළ ආගමන විගමන නිලධාරීන් පිළිබඳ කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (06) රහස් පොලිසියට නියෝග කළේය. මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.
ඇඟිලි සලකුණු ලබා දුන් පුද්ගලයා නොව වෙනත් අයෙකු එම බලපත්‍රය භාවිත කරමින් විදේශගත වී ඇති බව රහස් පොලිස් නිලධාරීන් මෙහිදී අධිකරණයට අනාවරණය කළේය. ඇඟිලි සලකුණු ලබා දීමට පැමිණෙන පුද්ගලයාගේ අනන්‍යතාව සහ ඉදිරිපත් කරන විස්තර නිවැරදි දැයි තහවුරු කර ගැනීම ආගමන විගමන නිලධාරීන්ගේ වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව අදාළ නිලධාරීන්ගෙන් කඩිනමින් ප්‍රකාශ ලබාගෙන ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
















