කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් හුවමාරුව සාර්ථකව සිදු විය. ශ්‍රී ලංකා රජය සහ කොරියා ජනරජය එක්ව ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) ප්‍රතිපත්ති සංවාදය මෙහිදී සාර්ථකව පවත්වන ලදී.
මෙම රැස්වීමේදී දෙරටේ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කාරිත්වය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කිරීම සිදු විය. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 267ක එකතුවකින් යුත් ණය වාරික 18ක් සඳහා වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් හුවමාරු කර ගැනීම විශේෂ සිදුවීමකි. මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට දෙරටේ පවතින කැපවීම තහවුරු කෙරේ.














