ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන කේ.එන්.එම්. කුමාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කර තිබේ. ඔහු දැනට දරන අතිරේක ලේකම් ධූරයට අමතරව මෙම නව තනතුරේ වගකීම් ඉටු කරනු ඇත. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම බව වාර්තා වේ.
සමන්ත මල්ලවාරච්චි මහතා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරට පත් කර තිබේ. මීට පෙර එම තනතුරේ රාජකාරි ආවරණය කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා විසිනි.














