සමගි ජන බලවේගයේ (SJB) සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන අශාන් මධුශංක මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, අශාන් මධුශංක විසින් සිදුකර ඇත්තේ මෙරට ලක්ෂ 220ක ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ කාර්යභාරයක් බවයි.
රටේ පවතින තත්ත්වයන් සහ විවිධ දූෂණ අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් කරමින් ජනතාව දැනුවත් කිරීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ වගකීමක් බවත්, එවැනි ක්‍රියාකාරීන් මර්දනය කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වන බැවින්, එම අයිතිය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














