ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් ජාත්‍යන්තර රූපවාහිනී පුවත් කලාවේ දැවැන්ත වෙනසක් සිදුකළ ටෙඩ් ටර්නර් (Ted Turner) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
ඔහියෝ ප්‍රාන්තයේ උපත ලබා ඇට්ලන්ටාහි සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ ඔහු, තමන්ට රිසි දේ සෘජුව ප්‍රකාශ කිරීම නිසා “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන් ද ප්‍රකට විය. ටර්නර් මහතා කේබල් රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රථම ‘සුපර් ස්ටේෂන්’ එක මෙන්ම චිත්‍රපට, කාටුන් සහ ඇට්ලන්ටා බ්‍රේව්ස් (Atlanta Braves) වැනි ක්‍රීඩා කණ්ඩායම් ඇතුළත් සුවිශාල මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනැගූ පුද්ගලයෙකි.
ඔහු ව්‍යාපාරිකයෙකු පමණක් නොව, ජාත්‍යන්තරව පිළිගත් යාත්‍රා පදවන්නෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ පදනම (United Nations Foundation) පිහිටුවමින් ලොව පුරා න්‍යෂ්ටික අවි තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටි කැපී පෙනෙන පරාර්ථකාමියෙකු ද විය. ඔහුගේ අභාවය ලෝක මාධ්‍ය ක්ෂේත්‍රයට සිදු වූ විශාල පාඩුවක් ලෙස සැලකේ.














