මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මිලදී ගත් රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස සහ ඉඩම් රැසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගෙන තිබේ. පානදුර, මහවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පියවර ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ මෙම විමර්ශනයට අදාළව සැකකාරියන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 28 සහ 53 යන වයස්වල පසුවන පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.
විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය මුදලින් උපයාගත් පානදුර මහවිල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක් සහ ඊට අයත් ඉඩම, කුරුස හන්දිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 10.75ක වටිනා ඉඩම මෙන්ම මාදුපිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින තවත් නිවසක් විකිණීම හෝ පැවරීම වැළැක්වීමේ නියෝග නිකුත් කර ඇත. නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














