රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 120 දෙනෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. මොවුන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටීම සහ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිටය.
පොලිස් විශේෂ මෙහෙයුමකදී කොටු කරගත් මෙම පිරිස අතර වැඩි පිරිසක් ආසියානු රටවල වැසියන් බව වාර්තා වේ. ඔවුන් මෙරට රැඳී සිටිමින් සිදුකළ ක්‍රියාකාරකම් සහ ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයන් පිළිබඳව ද පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් වන වැඩිදුර වාර්තා එළඹෙන 15 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














