මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සමනය වෙමින් සාමකාමී විසඳුමකට මඟ පෑදීමත් සමඟ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ඒ අනුව බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.
පසුගිය කාලසීමාව පුරා කලාපීය ගැටුම් සහ සම්බාධක හේතුවෙන් තෙල් මිල ඉහළ මට්ටමක පැවති අතර, ගෝලීය බලවතුන් මැදිහත් වී සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන් මෙම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත. සැපයුම් දාමයට එල්ල වී තිබූ බාධා ඉවත් වීම සහ නිෂ්පාදනය ඉහළ යාමේ හැකියාව පිළිබඳ වෙළඳපොළ තුළ ඇති වූ විශ්වාසය බොරතෙල් මිල මෙලෙස ස්ථාවර වීමට බලපා තිබේ.
මෙම මිල පහත වැටීම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත යැපෙන රටවලට විශාල සහනයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














