බලශක්ති සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සුදේශ් නලින්ද අල්විස් නැමැති මෙම සැකකරු මෙරට සහ ඩුබායි ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය.
පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේ සැකකරු වංචනික ලෙස උපයාගත් මුදල් සිය පෞද්ගලික බැංකු ගිණුම්වලට සහ කැසිනෝ ගිණුම්වලට බැර කරගෙන ඇති බවයි. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට හිමිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවක් පවතින බවට සැකකෙරෙන බැවින්, ඒ පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.














