අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සහ සයිබර් වංචාවල නිරත වූ බවට සැකකෙරෙන විදෙස් ජාතිකයින් 74 දෙනෙකු අද පස්වරුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයින් සිටින බව පොලිසිය තහවුරු කර ඇත.
මෙම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරුවන් හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














