විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර චීනයේ සංචාරයක නිරත වීමට අවසර ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 12 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට අද නියෝග කළේය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළ බවට එල්ල වී ඇති චෝදනාව මත ඔහුට මෙම ගමන් තහනම පනවා තිබේ. මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, ඒ පිළිබඳ අල්ලස් කොමිසමේ අදහස විමසීමට අධිකරණය මෙලෙස පියවර ගෙන ඇත.














