ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවතීම පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ශුද්ධෝත්තම පාප් වහන්සේ පවා ඉරානයට න්‍යෂ්ටික අවි තිබිය යුතු බව විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබෙන බවයි. කෙසේ වෙතත්, තමා එයට දැඩි ලෙස විරුද්ධ බවත් ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කරයි.
ඉරානය න්‍යෂ්ටික බලවතකු වුවහොත් මුළු ලෝකයම ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වනු ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වීමට තම පාලනය ඉඩ නොදෙන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව මධ්‍යයේ ට්‍රම්ප් විසින් පාප් වහන්සේ ඉලක්ක කර සිදුකළ මෙම ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














