ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවාවට වසර 100ක් සපිරෙන මෙම ඓතිහාසික මොහොතේදී පවා එම ක්ෂේත්‍රය අඩුපාඩු රැසකින් පීඩා විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉටුකරන සේවය අගය කළ විපක්ෂ නායකවරයා, ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බව අවධාරණය කළේය.
මෙරට මාතෘ හා ළමා මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගැනීමට මෙම නිලධාරිනියන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ ද, ඔවුන්ට හිමිවිය යුතු නිසි ඇගයීම, දීමනා, අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ ප්‍රවාහන පහසුකම් පවා නිසි ලෙස නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. දැනට 8,000කට ආසන්න පිරිසක් සේවයේ නියුක්තව සිටින මෙම ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රශස්ත මට්ටමකට පත් කිරීමට නම්, සේවා තෘප්තිය ඉහළ නැංවීමට රජය වහා මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















