2026 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 900,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. ජනවාරි මස 01 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 904,855ක් මෙරටට පැමිණ තිබේ.
මෙම සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 200,796කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට ආකර්ෂණය වී ඇත. කෙසේ වෙතත්, වසරේ මුල් මාස තුනට (ජනවාරි-මාර්තු) සාපේක්ෂව අප්‍රේල් සහ මැයි මාසවල දෛනික සංචාරක පැමිණීමේ යම් පහළ යාමක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මැයි මස පළමු දින 6 තුළ පමණක් සංචාරකයින් 28,578 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.














