කොටදෙනියාව පොලිස් වසමේ කුරුණෑගල – කොළඹ මාර්ගයේ උඩුගොඩගෙදර හන්දියේදී ඊයේ (08) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් 72 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොටදෙනියාව දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ. මියගිය පුද්ගලයා දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














