මෙවර යල කන්නයේ වගා කටයුතු සිදුකරන ගොවි ජනතාවට කිසිදු භෝගයක් සඳහා පොහොර හිඟයකට මුහුණ දීමට සිදු නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවති පොහොර ක්ෂේත්‍රයට අදාළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පොහොර තොග නිසි පරිදි කළමනාකරණය කර ඇති බැවින් ගොවීන්ට කිසිදු බියකින් තොරව සිය වගා කටයුතු සිදුකළ හැකි බවත්, පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.













