ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ තම පක්ෂයේ මීළඟ ප්‍රධාන ඉලක්කය සහ න්‍යාය පත්‍රය වන්නේ 2029 වසරේදී යළිත් වරක් මහින්ද – නාමල් යුගයක් මෙරට තුළ නිර්මාණය කිරීම බවයි. එමෙන්ම පසුගියදා සිදුවූ ගුවන් සමාගම් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඒ මහතා, එය සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව තමන් නිශ්චිතව නොදන්නා බව සඳහන් කළේය. වර්තමාන දේශපාලන වාතාවරණය තුළ පක්ෂය ශක්තිමත් කරමින් අනාගත ජයග්‍රහණ කරා ගමන් කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















