ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක හන්ටා වයිරස් (Hantavirus) ආසාදනයක් පැතිර යාමත් සමඟ එහි සිටින තම රටවැසියන් කඩිනමින් ඉවත් කර ගැනීම සඳහා ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් විශේෂ ගුවන් යානා එවීමට පියවර ගෙන තිබේ. ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රනාන්දු ග්‍රෑන්ඩ්-මර්ලස්කා මහතා සෙනසුරාදා මැඩ්රිඩ් නුවරදී ප්‍රකාශ කළේ, අදාළ නෞකාව ස්පාඤ්ඤයේ ටෙනරීෆ් (Tenerife) වරාය වෙත පැමිණීමට නියමිතව ඇති බැවින් මෙම සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
මෙම රටවල් පහට අමතරව නෞකාවේ සිටින අනෙකුත් යුරෝපා පුරවැසියන් මුදාගැනීම සඳහා යුරෝපා සංගමය විසින් තවත් අතිරේක ගුවන් යානා දෙකක් යෙදවීමට කටයුතු කර ඇත. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද තම පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන් යානා සහ හදිසි මෙහෙයුම් සැලසුම් සකස් කර ඇති බව ස්පාඤ්ඤ රජය තහවුරු කරයි. තමන්ගේම ගුවන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අපහසු රටවල පුරවැසියන් සඳහා ද විකල්ප ප්‍රවාහන ක්‍රමවේද සකස් කිරීමට බලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටී.














