රජයේ අවශ්‍යතා ඉටු නොකරන පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බවත්, වර්තමානයේ අභිරහස් ලෙස පුද්ගලයන් ඝාතනය වීමේ ප්‍රවණතාවක් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. හිරියාල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ආණ්ඩුවේ වුවමනාව මත කටඋත්තර ලබා ගැනීමට උත්සාහ කරන බවත්, නීතිය තමන්ට අවශ්‍ය පරිදි නමමින් පවතින බවත්ය.
මැතිවරණයක් පවත්වන දිනයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත දැනුමක් නොමැති වුවද, රටට ආදරය කරන පිරිස් පක්ෂය වටා එක්රොක් වෙමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. පවතින මර්දනකාරී වාතාවරණය හමුවේ වුවද තම දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.














