පවතින දේශපාලන වාතාවරණය හමුවේ බලය අහිමි වූ ප්‍රභූ පන්තිය දැඩි කලබලයකට පත්ව සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. පසුගිය පාලන සමයන්හි සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, අදාළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගොස් සිරගත වීමට සිදුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම පිරිස් කලබලයට පත්ව ඇත්තේ තමන් කළ වැරදි පිළිබඳ විමර්ශන වේගවත් වී ඇති නිසා බවත්, කිසිදු බලපෑමකට යටත් නොවී නීතිය අකුරටම ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














