අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය. ඉන්දියාව හරහා මොහු මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පසුගිය 7 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි. ‘බටුවත්තේ චාමර’ මෙරට සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකු වන අතර, ඔහුගෙන් ඉදිරියේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.














