වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගත් බව වෙල්ලාවලි පොලිසිය පවසයි. පසුගිය මැයි 08 වැනිදා සිට අතුරුදන්ව සිටි 53 හැවිරිදි සින්නවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අදාළ මරණය සැකකටයුතු බවට පොලිසිය සැක පළ කරන අතර, මළසිරුර හමු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














