රට තුළ පවතින යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා පෞද්ගලික ආයතනවලට ද ඊට අවසර ලබා දීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි. මෙම තීරණයත් සමඟ ඉදිරි සතිය ඇතුළත පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවත්, රට තුළ කෘතිම පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පොහොර තොග මේ වන විටත් දිවයින පුරා පවතින බවත්, යල කන්නයට පමණක් නොව ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වීමට ද රජය මේ වන විටත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර අවසන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් පතුරුවන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ද ගොවි ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටින ලදී.














