බුත්තල ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බුත්තල දෙමළිය වැව පිටාර ගැලීම නිසා ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. වැව පිටාර ගැලීමත් සමඟ දෙමළිය හරහා බුත්තල දෙසට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
වසර ගණනාවකට පසු තම ප්‍රදේශයට මෙවැනි මහා ජල ගැලීමක් සිදුවූ බව පවසන ප්‍රදේශයේ ගොවීන්, මේ වන විටත් කුඹුරු වගාවන් වේගයෙන් ජලයෙන් යට වෙමින් පවතින බව සඳහන් කරයි. අස්වනු නෙළීමට ආසන්නව තිබූ වගාවන් මෙලෙස විනාශ වීමෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්වන බව ද ඔවුහු පෙන්වා දෙති. පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතුණහොත් පහත්බිම් රැසක් තවදුරටත් යටවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස බලධාරීන් ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇත.














